නාරහේන්පිට මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්.

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා  කන්ඩාම් මේ වන විට ගින්න මැඩ පවත්වා ඇත.



අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු බව ත් ගින්න හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

එම නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනා සහ කාන්තාවක් බේරාගෙන රෝහල්ගත කර තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 11ක් සහ ස්කයිලිෆ්ට් වාහන දෙකක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.

Previous Post Next Post