
අපි දන්නවා ආහාර ජීර්ණ පද්ධතිය ගත්තම අමාශය ආම්ලිකයි. බඩවැල් ගත්තම ක්ෂාරීය මාධ්‍යයක්. අන්නාසිවලට පුළුවන් රසායනික ගුණය නිසා ආම්ලික මාධ්‍යයයි ක්ෂාරීය මාධ්‍යයයි දෙකේම ක්‍රියාකාරී වෙන්න. ආහාර ජීර්ණ පද්ධතියේ රුධිර සැපයුම වැඩි කරන්නත් පුළුවන්. ආහාර දිරවීම වගේම ආහාර සහ ඖෂධ අවශෝෂණයට හොඳින්ම ක්‍රියා කරන පලතුරක් තමයි අන්නාසි.
ආහාර මාර්ගයේ විවිධ පණු රෝග තිබුණොත් පණු රෝගවලින් මිදෙන්නත් මෙය කදිම ඔසුවක්. අනෙක් කරුණ තමයි ශරීරයේ තුවාල සුව කිරීමේ ගුණයකුත් තිබෙනවා අන්නාසිවලට. ආයුර්වේදයේ වාත, පිත්ත, සෙම යන තුන්දොස් ගැනනේ කතා කරන්නේ. පිත්ත, කඵ ප්‍රකෘති පුද්ගලයන්ට අන්නාසිවලින් එතරම් හොඳ නෑ. ගත්තොත් ඇඟ දැවිල්ල එන්න පුළුවන්. සාමාන්‍ය කතාවකුත් තියෙනවනෙ අන්නාසි සැරයි, ඌෂ්ණයි කියලා. පිත්ත, කඵ අයට තමයි එහෙම වෙන්නේ. සංස්කෘත භාෂාවට අනුව අන්නාසි බහු නේත්‍ර නමින් හඳුන්වනවා. ඇස් ඇස් වගේ ගොඩක් තිබෙන නිසා.
මීටර් එකක්, එකහමාරක් පමණ උස යන අන්නාසි ගසේ ඉතාම කෙටි කඳක් තමයි තියෙන්නේ. ඉටි කවර වගේ කටු තිබෙනවා. මේ ශාකයේ රිකිලි ඇති වෙනවා. ඒවායෙන් තවත් ශාක සාදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉස්ම සහිත පලතුරක් නිසා මුත්‍රා හොඳින් පිට වෙනවා. මුත්‍රා ගල් තිබෙන අයටත් මේ පලතුර ඉතා ගුණදායකයි මුත්‍රා හොඳින් පිට වෙන නිසා. අපි දන්නවා ඉදුණු අන්නාසි වගේම අමු අන්නාසිත් විවිධ ආහාර නිර්මාණවලට භාවිත කරනවා. අන්නාසිවලින් හදන විවිධ කෑම වර්ග වෙළෙඳපොළේ පවා තිබෙනවා.
සාමාන්‍යයෙන් මේක හෘදය වස්තුවේ මනා රිද්මය පවත්වාගෙන යන්න මාංස පේශි ශක්තිමත් භාවයටත් උදවු වෙනවා. ඉදුණු අන්නාසි නිසා මලබද්ධයක් වෙන්නෙත් නෑ. හොඳින් මල පිට කෙරෙනවා. ගර්භණී මවුවරුන් ඉදුණු අන්නාසි ඉස්ම වැඩිපුර ගත්තොත් ගර්භාශයේ මාංස පේශි හකුළුවන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ බබාලා හම්බ වෙන්න ඉන්න කාලේ අන්නාසි කන්න එපා කියලා.
අන්නාසි ආයුර්වේදයේ වර්ග කරලා තිබෙන්නේ ඵල වර්ගවලට. අනන්‍යාදී වර්ග යටතේ තමයි ආයුර්වේදයේ වර්ග කරල තියෙන්නේ. අන්නාසි කියන්නේ විවිධ පෝෂණයන්ගෙන් සමන්විත ඔසුවක්. කැලසියම්, මැග්නීසියම්, සිලිකන්, යකඩ, සෝඩියම්, පොටෑසියම් වගේම විටමින් සී බහුල පලතුරක්. විටමින් සී බහුලකම නිසාම සමේ, කොණ්ඩයේ නිරෝගීභාවයට හොඳින්ම බලපානවා අන්නාසි. විටමින් සී කියන්නේ ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒ හින්දා ප්‍රතිඔක්සිකාරකයකින් හම්බවෙන ගුණ ගොඩක් මෙහි අන්තර්ගතයි. කොණ්ඩය සුදු වීම්, තට්ටෙ පෑදීම්වලින් මිදෙන්නත් මෙය කදිමයි.
විටමින් සී හොඳින් ලැබෙන නිසා ශරීරයේ කොලිජන් වර්ධනයටත් අන්නාසි ගුණදායකයි. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන නිසා හිසකේ යෑමත් වළක්වනවා. අන්නාසි භාවිතයේදී කොලජන් සෑදීමත් උත්තේජනය කරන නිසා වයසට යෑමත් පමා කරවනවා. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලින් සුවයක් ලබන්නත් අන්නාසි ගුණදායකයි. ඕනෑම වයසක කෙනකුට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදීමට අන්නාසි ආහාරයට ගන්න.
ඒ වගේම මේකෙ පොටෑසියම්, ඛනිජ ලවණ ඉතාම බහුලයි. පොටෑසියම් බහුල නිසා රුධිර නාළවල යම් සිහිල් බවක් ඇති කරන්න පුළුවන් අන්නාසිවලට. ඒ නිසාම අධික රුධිර පීඩනය පාලනය කරගන්නත් පුළුවන්. අනෙක් පලතුරු වගේ නෙමෙයි. මැංගනීස් කියන පෝෂ්‍ය පදාර්ථයත් අන්නාසිවල බහුලයි. ඒ නිසා ශරීරයේ අස්ථි වර්ධනය කරන්නත් පුළුවන්. මැංගනීස් තියෙන නිසා අස්ථිවලට හොඳ බලපෑමක් ඇති කරනවා. ආසියාතික රටවල වගේම යුරෝපීය රටවලත් අන්නාසිවලින් සාදන දේවල් තිබෙනවා. සැලඩ් එකක්, වෑංජනයක්, චට්නි එකක් අන්නාසිවලින් සෑදුවම රසවත් වගේම ගුණවත්.
ඇතැම් අයට අන්නාසි කෑවම පොඩි අසාත්මිකතා ඇති වන්න පුළුවන්. එවැනි අයට අන්නාසි භාවිතය එතරම් යෝග්‍ය නෑ. ලෝකයේ පලතුරු වර්ග අතර තුන් වැනියට වඩාත් ඉල්ලුමක් තියෙන පලතුර තමයි අන්නාසි. පිළිකා සුවයටත් අන්නාසි ගුණදායකයි. විශේෂයෙන්ම පියයුරු පිළිකා සුවයට අන්නාසි ගුණදායකයි. සෑදීම වළක්වන්නත් ගුණදායකයි.
සමහරක් වෙලාවලදී ඕනෑම දේශගුණයක සෑදෙන අන්නාසි දවසට අවුන්සයක් එකහමාරක් (මිලි ලීටර් 30ක් හෝ 45ක්) වගේ ප්‍රමාණයක් ගැනීමත් වැදගත්.